spot_img
spot_img

ලංගම දිනක පාඩුව කෝටි දෙකයි – මාසෙට කෝටි හැටයි

ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) දිනකට රුපියල් මිලියන 20ක මූල්‍ය පාඩුවක් ලබන බව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේදී අනාවරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.
ලංගමය මෙලෙස පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ විධිමත් බස් රථ කළමනාකරණ පද්ධතියක් නොමැති වීමයි. රියදුරු සහ කොන්දොස්තරවරුන් අතින් සිදුවන අක්‍රමිකතා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

විශේෂයෙන් රාත්‍රී සහ අලුයම කාලයේ ධාවනය වන බස් රථවල මගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවත්, එම ආදායම මණ්ඩලයට අහිමි වන බවත් නිලධාරීන් පෙන්වු දුන්හ.

මීට අමතරව, පෞද්ගලික අංශයට සාපේක්ෂව ලංගමයේ පවතින දුර්වල බඳවා ගැනීමේ ක්‍රමවේද සහ පරිපාලනමය ගැටලු ද මෙම පාඩුවට හේතු වී ඇත.

මෙම පාඩු අවම කර ගනිමින් යුරෝපීය රටවල පවතින ආකාරයේ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් මෙරටට හඳුන්වා දීම සඳහා වන නවීකරණ සැලසුම් කිහිපයක් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ලබන නොවැම්බර් මාසය වන විට ලංගම බස් රථ සඳහා කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරමින් පවතී.

සැප්තැම්බර් සහ නොවැම්බර් කාලසීමාව වන විට බස් රථ ධාවනය නිරීක්ෂණය කළ හැකි ජීපීඑස් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

අගෝස්තු 31 වන විට නව බස් රථ 104ක් ද, නොවැම්බර් මාසය වන විට තවත් සුඛෝපභෝගී බස් රථ 200ක් සහ තවත් බස් රථ 600ක් ධාවනයට එක් කිරීමට නියමිතය.

දැනට කාර්යාල සේවයේ රැඳී සිටින රියදුරු සහ කොන්දොස්තරවරුන් නැවත ඔවුන්ගේ මුල් රැකියාවලට යොමු කර, කාර්යාල කාර්ය මණ්ඩලය විධිමත් ක්‍රමවේදයක් යටතේ බඳවා ගැනීමට ද පියවර ගෙන ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...