spot_img
spot_img

ICC සභාපති ජේ ෂා දිවයිනට – ක්‍රිකට් අතුරු කමිටු ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති සමඟ සාකච්ඡා කිරීමට සූදානම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා මහතා අද (19) දිවයිනට පැමිණ තිබේ.

මෙම කෙටි සංචාරය අතරතුර ඔහු ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) පවතින අතුරු කමිටුව සම්බන්ධ ගැටලුව ප්‍රධාන සාකච්ඡා මාතෘකාව වනු ඇතැයි අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කර ඇති මෙම අතුරු කමිටුව, ජාතික ක්‍රිකට් පාලක මණ්ඩලවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ICC සතු නීති රීතිවලට පටහැනි බව ICC හි මතය වී තිබේ. එබැවින්, ප්‍රජාතන්ත්‍රවාදීව නිලවරණයක් පවත්වා ආයතනය පාලනය කිරීමේ වැදගත්කම පිළිබඳව ICC ශ්‍රී ලංකා බලධාරීන්ට මීට පෙරද අවධාරණය කර තිබුණි.

මෙම සංචාරය සඳහා ජේ ෂා මහතා අහමදාබාද් සහ කොළඹ අතර ආරම්භ කෙරුණු මංගල සෘජු ගුවන් ගමනින් පැමිණි බවද වැඩිදුරටත් වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...