spot_img
spot_img

පොහොට්ටුවේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද පෙරවරුවේ විවෘත කෙරුණා.

ඒ එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

බත්තරමුල්ල නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානය ආසන්නයේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පිහිටුවා තිබෙනවා.

සෑම ග්‍රාම නිලධාරී වසමක්ම සම්බන්ධ කර ගනිමින් පරිගනක 160ක් ආධාරයෙන් සකස් කළ දත්ත පද්ධතියක් ඔස්සේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ.

ඉදිරියේ පැවැත්වෙන සෑම මැතිවරණයක්ම මෙම මෙහෙයුම් කාර්යාල මගින් සම්බන්ධීකරණය කරනු ඇති.

මෙම කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර ආචාර්ය වීලි ගමගේ මහතා පත්කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...