Sunday, April 19, 2026
spot_img
spot_img

මං එංගලන්තේ මහා බැංකුව කඩන්නද?: ජනපති මැතිසබයෙන් අසයි

සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් දේශපාලන කණ්ඩායම් ශ්‍රී ලංකා රජය ගෙනියන වැඩපිළිවෙල සම්බන්ධයෙන් විවේඡන එල්ල කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයේදීයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

රජය ලබාගෙන ඇති විදේශ ණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එලෙස බොරු ප්‍රචාර සිදුකරන බවට එහිදී ජනාධිපතිවරයා චෝදනා කළා.

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ අනුගාමියෙකු පළකල පෝස්ටුවක් බව සඳහන් කරමින් එය මැතිසබයේදී මෙලෙස උපුටා දැක්වූවා..

“ආරංචිය සුබයි.. පිනා රට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71යි.. දැන් 100යි..”

ඒ සම්බන්ධයෙන් විස්තර කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සිහිපත් කළේ ඇතැම් වාදවිවාදවලදී අනුර කුමාර දිසානායක මහතා සමග ගැටී ඇති බවත්, කිසිඳු දිනක ඔහු මෙවැනි තුන්වන පංතියේ අපහාස සිදුකර නොමැති බවත් ය.

කෙසේ වෙතත් ඔහුගේ අනුගාමිකයින් සිදුකරන මෙවැනි කටයුතු හේතුවෙන් අනුර කුමාර දිසානායක මහතාද විනාශ විය හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එම පොස්ටුව අසත්‍ය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා..

” බිලියන සියයක අප ණය ගත්තා බවක් ඒ පුද්ගලයා කියනවා.. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කිසිඳු රටක් අපට ණය දුන්නේ නැහැ කියලා හැමෝම දන්නවා.. කිසිඳු රටකට අපට ණයක් දෙන්න නීත්‍යානුකූල අයිතියක් තිබ්බේ නැහැ.. ඉතින් එම පුද්ගලයා මේ බොරු සමාජ ගතකිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? කිසිම රටක් අපට ණය දෙන්නේ නැත්තම් අපි කොහොමද ණය ගන්නේ.. මං එංගලන්තේ මහා බැංකුව කඩන්නද? ඒක මං දන්නේ නැහැ.. දැන් මේ පුද්ගලයාට මට වඩා පළපුරුද්දක් තියනවා බැංකු කඩන එක ගැන…”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...