spot_img
spot_img

ඖෂධවලට උපරිම සිල්ලර මිලක්?

ඖෂධවලට උපරිම සිල්ලර මිලක් තීරණය කිරීම සඳහා මිල යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළව ජාතික ඖෂධ නියාම අධිකාරී පනත සංශෝධනය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ඊට අදාළ නියෝග නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, යම් නිශ්චිත ඖෂධයක, ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් එම නියෝග නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, වෙළෙඳපොළ තුළ අලෙවි කරනු ලබන ඖෂධවල උපරිම සිල්ලර මිල ගණන් නිර්ණය කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...