spot_img
spot_img

ශිරන්තිගේ සිරිලිය ගිණුම බොරු එකක්

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් සිරි­ලිය සවිය නමින් පව­ත්වා­ගෙන ගිය ව්‍යාජ ගිණුම සම්බ­න්ධ­යෙන් යළි විම­ර්ශන කට­යුතු ආරම්භ කරන බව මහ­ජන ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළා.

මෙලෙස පවත්වා ගෙන ගිය සිරි­ලිය සංවි­ධා­න­යට අයත් බැංකු ගිණු­ම්වල මැන්ඩේට් පත්‍රය කුම­න්ත්‍ර­ණ­කාරී ලෙස බැංකු­වෙන් සොර­කම් කර ඇති බව ද ඒ මහතා පැවසුවා.

එහි දී ඒ මහතා මෙසේද සදහන් කළා :

ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් සිරි­ලිය සවිය නමින් ව්‍යාජ ගිණු­මක් පව­ත්වා­ගෙන ගොස් තිබෙන අතර එය ව්‍යාජ ගිණු­මක් බවට සනාථ වී තිබෙ­නවා. එම ගිණුමේ මැන්ඩේට් පත්‍රය අස්ථාන ගතවී තිබෙ­නවා.

කොළඹ 10, ඩාර්ලි පාර මහ­ජන බැංකුව, සුදු­වැල්ල ශාඛාවේ සිරි­ලිය සවිය නමින් ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර­මින් නීත්‍ය­නු­කූ­ලව ඉදි­රි­පත් කළ­යුතු ලේඛන ඉදි­රි­පත් නොකර 2006.11.14 අංක 143/1/001/4/6235069 නමැති ගිණුම ආරම්භ කර තිබෙ­නවා. දැනට මෙම ගිණුම අත්හි­ටුවා ඇති අතර මේ වන­විට ගිණුමේ ශේෂය රුපි­යල් මිලි­යන 43ක් වෙනවා. මෙම ගිණුමේ සභා­පති ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යයි. ලේකම් කළ්‍යාණි දිසා­නා­යක, භාන්ඩා­ගා­රික නිරෝෂා ජීවනී අය අයයි. අවස්ථා 88ක දී රුපි­යල් අට කෝටි විසි­නව ලක්ෂ අසූ අටක් තැන්පත් කර තිබෙ­නවා.

ඊට අම­ත­රව අවස්ථා 129කදී රුපි­යල් තුන් කෝටි අනූ ලක්ෂ පහ­ලොස් දහස් හය­සිය පනස් හයක මුද­ලක් ලබා­ගෙන තිබෙ­නවා. ලක්ෂ 100ක ස්ථාවර තැන්ප­තු­වක් ද මෙම බැංකුවේ සිරි­ලිය නමින් ආරම්භ කර තිබෙන අතර මූල්‍ය අප­රාධ කොට්ඨා­සය මඟින් මේ ගිණුම සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කර තිබෙ­නවා. යළි මේ විම­ර්ශන කට­යුතු ආරම්භ කර­නවා” යැයි පැවැ­සීය.

එමෙන්ම සී.එස්.එන් නාලි­කාව මහා භාණ්ඩා­ගා­ර­යෙන් අත්කර ගත් මුදල රුපි­යල් මිලි­යන 152ක් වෙනවා. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් තම මෑණි­යන්ගේ සහ පියාගේ සුසාන භූමි ඉදි­කි­රීම සඳහා නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යෙන් අත්කර ගත් මුදල රුපි­යල් මිලි­යන 35ක් වෙනවා. මල්වානේ නිවෙ­සක් මිල දී ගැනීම වෙනු­වෙන් බැසිල් රාජ­පක්ෂ මහතා මිලි­යන 208ක් ලබා­ගෙන තිබෙ­නවා. යැයිද කිවේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...