spot_img
spot_img

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යේෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට ශ්‍රව්‍ය මාධ්‍යයේ රන් සලකුණක් ලෙස සැලකෙන ප්‍රවීණ මාධ්‍යවේදිනියක් ලෙසයි ජයතිලක මහත්මිය සැලකෙන්නේ.

වර්ෂ 1963 දෙසැම්බර් 14 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ජනගත වන මෙරට බාල මහලු භේදයකින් තොරව ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි කතාංගයක් වන ‘හඳ මාමා’ වැඩසටහනෙන් ශ්‍රාවකයා වැළඳගත් ‘හඳ නැන්දා’ ගේ චරිතයේ හඬට පණ දුන්නේ ද ඇයයි.

1953 මැයි 24 වැනි දා මෙරට සම්මානිත කෘතහස්ත ලේඛකයෙකු වන කේ. ජයතිලකයින් සමග විවාහ වන සුමනා මහත්මිය දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය මවක්.

මීට අමතරව ඇය 1997දී ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම යාමට පූර්වයෙන් එහි ළමා හා කාන්තා අංශයේ අතිරේක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරමින් සිටි අතර රුහුණු සේවය, මහනුවර සේවය ආදී ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්වල වැඩසටහන් පාලකවරිය ලෙසට ද සිය සක්‍රීය මාධ්‍ය මෙහෙවර ඉටු කළ විශිෂ්ට චරිතයක් ලෙසට ද ගෞරවයට පාත්‍ර වුණා.

සුමනා ජයතිලකයන් යනු ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් සිය මව් රටට හඬ පෞරුෂයෙන් දිනා දුන් මාධ්‍යවේදිනියක්.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...