කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ නීති සිසුන් ලෙස “Nature’s Voice” කණ්ඩායම මුල්ලේරියාව,එදිරිවීර සරත්චන්ද්‍ර පාසලේදී නොවැම්බර් 19 වන දින පරිසර දැනුවත් කිරීමේ එක්දින වැඩසටහනක් සංවිධානය කර තිබුණා.
කථිකාචාර්ය මනෝජ් ගම්ලත් සහ නීතීඥ ටෙරින් මාරසිංහ යන මහත්වරුන්ගේ විශේෂඥ මගපෙන්වීම ඇතිව පරිසර දූෂණය, තිරසාර භාවිතයන් සහ නීතිමය දැනුවත්භාවය පිළිබඳව සිසුන් දැනුවත් කිරීම මෙම උත්සවයේ අරමුණයි.
මෙම වැඩසටහනට පරිසර දූෂණය, තිරසාර සංවර්ධනය සහ නීතිමය අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ක්‍රියාකාරී සැසි ඇතුළත් වූ අතර ගස් සිටුවීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය වැනි ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඇතුළත් වුණා.
පරිසර හිතකාමී පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සඳහා අපි පාසලට පැල සහ කසළ බඳුන් බෙදා දීමද මෙහිදී සිදුකෙරුණා.
පරිසරය ආරක්ෂා කිරීම සහ හරිත අනාගතයක් පෝෂණය කිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ගැනීමට සිසුන් බලගැන්වීම මෙම මුලපිරීම අපේක්ෂාවයි.




