පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුර- යෙන් ඉල්ලා අස්වී ඇති බවත් ඔහුගේ ඉල්ලා අස්වීම සමගි ජන බලවේගයට විශාල ශක්තියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා.
ඊයේ (09) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා මේ බව පැවසුවා..
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
2024 ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ස්ථිර තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ගෝඨා – භය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජයග්‍රහණය කළේ සිංහල ඡන්ද බහුතරයක් ලබා ගනිමින්. මේ වන විට රටේ සිටින සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් කියන සියලුම ජාතීන් සහ බෞද්ධ, හින්දු, ක්‍රිස්ති- යානි, ඉස්ලාම් ආගම් නියෝජනය කරන පක්ෂ ගණනාවක් සහ නායකයන් ගණනාවක් සජිත් ප්‍රේම – දාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිටිනවා. මේක ඵෙතිහාසික අවස්ථාවක්. ඉදිරියේදී රටේ ජනාධිපතිවරයා ලෙස පත් වෙන්නේ රටේ සිටින සියලුම ජාති, ආගම් නියෝජනය කරන ජනාධිපතිවරයෙක්. එවැනි ජනාධිපතිවරයෙක් රටේ පත්වුණොත් විතරයි රටේ සිටින සියලුම ජන වර්ග වලට විසඳුම් ලබා දෙන්න හැකියාව තිබෙන්නේ.
සරත් පොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ තරග කරලා තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒ අනුව සමගි ජන බලවේගයේ සභාපති ධුරයට සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට දෙන්න සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා තිබෙනවා. නමුත් ඔහු සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් දිගින් දිගටම පක්ෂයට සහ නායකත්වය විවේචනය කළා. ඒ වගේම සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට දේශපාලනය ගැළපෙන්නේ නෑ සරත් ෆොන්සේකා යුද්ධයට ජෙනරාල් කෙනෙක් වුණාට ඔහුට දේශපාලනයේදී කෝප්‍රල් කෙනෙක් තරම්වත් දැනුමක් නෑ, ගුණමකු දේශ පාලනයක් තුළ පැවැත්මක් නෑ ඔහු ඉවත් වුණ එක පක්ෂයට විශාල ශක්තියක්.
සරත් ෆොන්සේකා ඉවත් වීම ශක්තියක් – ජේ.සී. අලවතුවල
Comments




