spot_img
spot_img

ජනතාවට වෙච්ච වැඩේ ගැන සජිත් කියයි

රට තුළ මේ වනවිට ඇත්තේ ජනතාව පීඩාවට පත් කළ රට පතුලටම වැටුණු සාමාන්‍යකරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව අද (16) පෙරවරුවේ මාධ්‍යයට අදහස් දක්වමින්.

ජනතාවගේ ආර්ථිකය සහ ජන ජීවිත කුඩා කර ජනතාවගේ මුදල් පසුම්බියට පිට්පොකට් ගැසීම නිසා වියදම් කළ නොහැකි ආදායම් ලැබිය නොහැකි සාමාන්‍යකරණයක් නිර්මාණය වී ඇති බවත්, ඒ අතින් රට විනාශ කර රට පතුලට වැට්ට වූ සාමාන්‍යකරණයක් රටේ ඇති බවත් ඔහු පවසනවා.

ජනතාවගේ කරපිට උපරිම බර පටවා සාමාන්‍යකරණයක් නිර්මාණය කර ඇති බවත් මේ ගැන විවිධ අමනෝඥ කතා කියපු පුද්ගලයෝ රටේ ජනතාව රවටන අදහස් ඉදිරිපත් කරන විට ඒවාට තමා ප්‍රතිචාර නොදක්වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූසජිත් ප්‍රේමදාස මහතා:

“ජනපති කියනවා දැන් හැමදේම සාමාන්‍යයයි කියලා. ඇත්තම කතාව ජනතාවගේ රැකියා අහිමිවෙලා. දුප්පත්කම වැඩිවෙලා. නව සාමාන්‍යයක් ඇතිවෙලා තියෙනවා ජනතාවගේ ආර්ථිකය කුඩා කරලා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...