spot_img
spot_img

අපිට ගහලා ගෙවල් ගිනි තිබ්බ එක සාධාරණයි – නාමල්

සිදුවෙමින් පවතින දේ අනුව මන්ත්‍රිවරුන්ට පහර දී ගෙවල් ගිනි තැබීම සාධාරණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔහු පවසන්නේ, පක්ෂයක් ලෙස ඔවුන් ශක්තිමත් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේදීත් පිරිසක් ස්වාධීන වූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ;

‘‘පක්ෂයක් ලෙස අපි ශක්තිමත්. මින් පෙරත් ගෝඨාභය මහත්තයාගේ කාලේ පිරිසක් ස්වාධීන වුණා. මෙතෙක් කල් කිව්වෙ රාජපක්ෂලා ඉන්න හින්දා දමිළ මුස්ලිම් පක්ෂ ජනාධිපතිවරයාට උදව් කරන්නෙ නැහැ සජබෙ මන්ත්‍රිවරු උදව් කරන්නේ නැහැ කියලා. දැන් ජනාධිපතිතුමාට අපි කියන්නේ සජබෙට කතා කරලා මන්ත්‍රිවරුන් ගන්න දෙමළ සන්ධානයට කතා කරලා රාවුෆ් හකීම්ට බදියුදීන්ට කතා කරලා ඒ අයගෙ සහය ගන්න. මෙතෙක් කල් කිව්වෙ වමේ සහ සිංහල බෞද්ධ පදනම නිසා ඒ අය එන්නෙ නැහැ කියලනේ. දැන් ඒ අයට පුළුවන් අනෙක් කට්ටියත් එකතු කරගෙන යන්න.

ඉලක්කම් අපිටත් පෙන්වන්න පුළුවන්. ඒ පින්තූරවල ඉන්න අය මේ පැත්තෙ ඉන්න බව දකින්නත් පුළුවන්. අපේ ගනුදෙනුව තියෙන්නෙ ජනතාව එක්ක. අපිත් ඉලක්කම් පෙන්වන්න ගියොත් අපිත් ඒ අයගෙ තත්ත්වයට පත් වෙනවා. මැතිවරණය මෙහෙයවනකොට බලන්න පුළුවන් කවුද ඉන්නෙ කවුද නැත්තෙ කියලා.මේ රටේ දේශපාලකයන් ගැන තියෙන වැරදි මතය සමහර දේශපාලකයන්ගෙ හැසිරීමෙන් ජනතාවට තහවුරු කරනවා. එහෙම බැලුවම අපිට ගහලා ගෙවල් ගිනි තියන එක සාධාරණයි මේවා දැක්කම. ඒ නිසා වෙන්න ඇති 225ම එපා කියන්නේ.’’

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...