spot_img
spot_img

සජබත් මාළිමාව වගේ තුවක්කු එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් තුවක්කු මිලදී ගැනීමට සහ නිල කාලය අවසන් වූ පසුවත් ඒවා රඳවා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය දී තිබෙන අවස්ථාව පිළි නොගැනීමට සමගි ජන බලවේගය ද තීරණය කර තිබෙනවා.

මන්ත්‍රීවරුන්ට තම පෞද්ගලික මුදලින් රිපීටර් ෂොට් ගන් වර්ගයේ තුවක්කු දෙක බැගින් මිලදී ගැනීමටත් ධුරවලින් ඉවත් වූ පසුවත් ඒවා ළඟ තබා ගැනීමට අවසර දෙන බවත් ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීරට දැනුම් දී තිබුණා.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ තම පක්ෂය එම අවස්ථාව ලබා නොගන්නා බවයි.

එවැනි ආයුධ අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ද ප්‍රකාශ කර ඇත.

“අපිට රිපීටර් තුවක්කු දෙකක් ගන්න පුළුවන් කියලා මට ලිපියක් ලැබුණා. මම ඒක ඉරලා විසි කළා විතරයි. මම මේ අවුරුදු ගණනාව පුරාම කිසිම ආයුධයක් පාවිච්චි කළේ නැහැ. අනික මන්ත්‍රීවරුන්ට රිපීටර් තුවක්කු අවශ්‍ය වෙයි කියලා මම හිතන්නෙත් නැහැ,” යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

මන්ත්‍රීවරුන් ළඟ තබාගන්නා රිපීටර් තුවක්කු සඳහා ඔවුන්ගේ දිස්ත්‍රික්කවලින් වාර්ෂිකව බලපත්‍ර ලබාගත යුතුයි.

කෙසේවෙතත්, මෙම තුවක්කු වෙනත් පාර්ශ්වයකට මාරු කිරීම සහ ඒවා පාර්ලිමේන්තුවට සහ වෙනත් ජනාකීර්ණ ස්ථානවලට රැගෙන යෑම තහනම් කර තිබෙනවා.

කෙසේවෙතත්, ආරක්ෂක අමාත්‍යාංශයේ තීරණය මැතිවරණ සමයේ අල්ලස් දීමකට සමාන කරමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද පසුගියදා ප්‍රකාශ කළේ තම පක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයකු දී තිබෙන එම අවස්ථාව පිළිනොගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රිපීටර් තුවක්කු මිලදී ගැනීමට සහ ඔවුන් බලයේ නොසිටින පසුවත් ඒවා තබා ගැනීමට ඉඩ දීම ඉතා භයානක බව ඔහු පෙන්වා දී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ කිසිඳු මන්ත්‍රීවරයකු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා රජය විසින් දැනට ලබා දී ඇති පිස්තෝල භාර ගැනීම ද ප්‍රතික්ෂේප කළ බව ඔහු සඳහන් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...