spot_img
spot_img

ඉන්දීය මහ කොමසාරි කාර්යාලයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර බ්තෙන්බවා. .

එම නිවේදනයේ දැක්වුණේ, ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා සමග පැවති හමුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර ඇති බවයි.

එමෙන්ම ජනවාර්ගික ප්‍රශ්නය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය පවත්වා ගනිමින් සමානාත්මතාවය, යුක්තිය, ගෞරවය, සාමය සඳහා දෙමළ ජනතාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ අභිලාෂයන් සඳහා ඉන්දියාවේ සහාය අවධාරණය කර තිබෙනවා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම මෙම අරමුණු සඳහා පහසුකම් සපයනු ඇති බවයි.

නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා එරට ගුවන් හමුදාවට අයත් විශේෂිත ගුවන් යානයකින් ඊයේ පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූයේ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජන, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා සහාය වීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳ කරුණු පැහැදිළි කළ ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාව් ආර්ථික පුනරුදය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයයෝගය ලබාදෙන බවට ද සහතික වී තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර කලාපයේ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට දෙරටේ සහයෝගීතාව පිළිබඳවත් එහිදී අවධානයට ලක්වී ඇති කරුණක්.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...