Wednesday, April 22, 2026
spot_img
spot_img

ඉදිරි දේශපාලනය ගැන රනිල්ගෙ තීරණය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන මහතා පවසනවා.

එමෙන්ම ඔහු පවසන්නේ, හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බවයි.

මෙවර ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 2,299,767ක් හිමිකර ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 17.27%ක්.

මේ අතර නව ජනාධිපතිවරයා පත්වීමත් සමග විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, රටේ ජනතාවට තමාගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව ඉටුකරන බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...