නව ආණ්ඩුවේ අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි.
ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ අග්‍රමාත්‍ය ධුරයට පත් තුන්වන කාන්තාව ලෙස ඉතිහාසයට එක්වුණා.
මීට අමතරව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය, කාන්තා ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය.වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස දිවුරුම් දුන්නා.
Comments




