spot_img
spot_img

ලෝකෙට ගැළපෙන නායකයා රනිල් – වජිර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට මේ වන විට තීරණය කර අවසන් බවත්, එම ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ සිදු වන ඓතිහාසිකම ජයග්‍රහණය බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, රජගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන මෙහෙයුම් කාර්‍යාලය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“දැනට කියලා ඉවරයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒක ජනාධිපතිවරණ ඉතිහාසයේ ඓතිහාසිකම ජයග්‍රහණය කියලා හිතේ තියාගත්තට කමක් නෑ… ඔබට උනත් පේනවනේ මේක රනිල් වික්‍රමසිංහ මහතාට ඇරෙන්න වෙන කාටද කරන්න පුළුවන්. කල්පනා කරලා බලන්න…

ඉතින් ලෝකෙට ගැළපෙන නායකයෙක් ඉන්නවා. එයාගේ නම තමයි රනිල් වික්‍රමසිංහ. එතුමට ගැළපෙන කවුරුවත් දැනට ඉදිරිපත් වෙලා නෑ.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...