spot_img
spot_img

මැයි දිනයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මැයි දිනය වෙනුවෙන් අද (30) සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, කොළඹ නගරය ඇතුළු මැයි රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සංවිධාන කටයුතු ආරම්භ කර තිබෙනවා.

මෙවර මැයි දින පෙළපාලි හා රැළි කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදීයි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවසුවේ, පවතින කාලගුණ තත්ත්වය මත මෙවර මැයි දින පෙළපාලියක් නොපවත්වන බවයි.

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ කොටුව චැතැම් වීදියේදීයි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ, කොළඹ ගුණසිංහපුර ක්‍රිඩාංගණයේ පෙළපාලියකින් චැතැම් වීදිය දක්වා පැමිණෙන බවයි.

මේ අතර, සමගි ජන බලවේගයේ තවත් මැයි දින රැළියක් තලවාකැලේදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය මෙවර පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු පැවසුවේ, ඒ සඳහා පක්ෂයේ සියලු සාමාජිකයින් පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි.

මේ අතර රට හදන විසඳුමට, ජන බලය එක පෙළට තේමා කර ගනිමින් ජාතික ජන බලවේගයේ මැයි දින රැළි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වෙනවා.

කොළඹ මැයි පෙළපාලිය සවස 2.00ට බී. ආර්.සී ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර රැළිය සවස 3.30ට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට නියමිතයි.

යාපනයේ මැයි රැළිය උදේ 10ට තන්දෙයි සෙල්වා රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජාතික ජනබලවේගයේ මාතර මැයි පෙළපාලිය සවස 2.00ට රාහුල හන්දියෙන් ආරම්භ වී සවස 3.30 ට මාතර වෙරළ උද්‍යානයේදී රැළිය පැවැත්වීමට නියමිතයි.

ජාතික ජනබලවේගය සඳහන් කළේ, අනුරාධපුර මැයි පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වන අතර මැයි රැළිය සවස 3.30ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, කොළඹ නගරයේ මැයි දින පෙළපාලි සහ රැළිවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000ක් යොද වන බවයි.

තවත් 4000ක පොලිස් නිලධාරීන් පිරිසක් අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාවට යොදවනු ලබන අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අවශ්‍ය වුවහොත් හමුදාවේ සහාය ලබා ගන්නා බවයි.

මේ අතර, අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගතයුතු බවයි.

මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වනු ලබන අතර, කොළඹ නගරයේ මැයි දින පෙළපාලි හා රැළි 14ක් පැවැත්වෙනවා.

දිවයින පුරා සංවිධානය කර ඇති මැයි දින පෙළපාලි හා රැළි ගණන 40ක් බවයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...