spot_img
spot_img

රටටම යුතුකම මතක් කරන රනිල්

2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීම හේතුවෙන් තම ඡන්දය භාවිතා කර ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට මේ රටේ ජනතාවට අවස්ථාව ලැබී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, නීතිය හා සාමය තහවුරු කරමින් රට තුළ නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට සහාය ලබාදීම ජනාධිපතිවරයා ලෙස තමාගේද වගකීමක් බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ශ්‍රී ජයවර්ධනපුර විශේෂ මෙහෙයුම් විධානය විවෘත කිරිමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා

“රටේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දා පවත්වනවා. ඔබේ යුතුකම, පොලීසියේ යුතුකම නීතිය සාමය ආරක්ෂා කරලා, නීතිය යටතේ ඡන්දය ගෙනියන්න. ජනාධිපති හැටියට ඒක මගේ යුතුකමක්. ඒක මැතිවරණ කොමිසමේ යුතුකමක්. ඒක පොලීසියේ යුතුකමක්. ඒ වැඩකටයුතු සියල්ලම ක්‍රියාත්මක කරන්න කියලා කියලා මම කියන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි මැතිවරණයෙන් පසුව ඇති වෙන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සියල්ල ම නවත්වන්න ඕනේ. මේ සැරේ ප්‍රචණ්ඩක්‍රියා ඇති වෙන්න බෑ. ඒ ගැන අපි ක්‍රියාකරන්න ඕනේ. ඇය අපි මේ මැතිවරණය තියන්නේ. අපිට නීතිය, සාමය, ව්‍යවස්ථාව තියෙන නිසා. ඒ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරනවා නම් අපි ආණ්ඩු ඇති කරන්නේ, ආණ්ඩු වෙනස් කරන්නේ ව්‍යවස්ථාව අනුව. 1931 ඉඳලා සර්ව ජන ඡන්දය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අණ්ඩව ආණ්ඩුවක් ගෙනියලා තියෙන්නේ ශ්‍රී ලංකා විතරයි. වෙන එක රටක නම් කරන්න මෙහෙම තියෙන. ඒ නිසා අපිට තියෙන්නේ සර්ව ඡන්දය ආරක්ෂා කරන්න. කිසිවිටෙක ඒක කැඩෙන්න ඉඩදෙන්න එපා.

අපේ යුද හමුදාව සහ නීතිය ආරක්ෂා කරන අය කටයුතු කළ නිසා අපි එදා පාර්ලිමේන්තුව නැතිවෙන්න ගිය එක නවත්ත ගත්තා. මම ආණ්ඩුව භාරගෙන ස්ථාවර කරලා අපි බංකොළොත්භාවයෙන් පිටවෙලා ඒ වගේම අද අපිට ඡන්දය තියන්න පුළුවන්. අපි ආඩම්බර වෙනවා. ඒක නොකෙරුවා නම් මොකද්ද වෙන්නේ, එක එක අය කිව්වා මේක නැති කරන්න ආණ්ඩුව පන්නලා දාන්න උසාවි යනවා කිව්වා. යුද්ධ තියෙන වෙලාවේ මේවා බලාගෙන ඉන්න බෑ. ක්‍රියා කරනවා නම් ක්‍රියා කරන්න ඕනේ. ඒ ඔක්කෝම නිසා තමයි අද මේ ඡන්දය තියෙන්නේ. අපේ අල්ලපු රට දිහා බලන්න. එක ආණ්ඩුවක් පන්නලා දාලා. වෙන කවුරුත් නෑ ආණ්ඩුව ගන්න. සාමාන්‍යයෙන් හමුදා එනවා. හමුදාවටත් ගන්න එපාලු. මන්ත්‍රීවරු මරනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්ට, මහ බැංකු අධිපතිට රටෙන් යන්න කියලා. හෝටල් ගිනි තියලා. තාම සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා නෑ. අන්න ඔබ එදා වැඩකරපු විදියෙන් අපි මේකෙන් බේරුණා. බේරිලා සැප්තැම්බර් 21 තමන් කැමති අපේක්ෂකයාට ඡන්දේ දෙන්න පුළුවන්.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...