හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයේ විනිසුරුධුර පුරප්පාඩු පැවති කාලය තුළ එම ධුරවලට පත්කිරීම් සිදු නොකිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක හෙතෙම වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබනෙවා.
ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ දැක්වෙන්නේ, එම පුරප්පාඩුව හේතුවෙන් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවටයි.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම විභාග කිරීම සඳහා මාර්තු මස 10 වන දින නියම කර ඇති අතර, විරෝධතා තිබේ නම් හිටපු ජනාධිපතිවරයාට සති හතරක කාලයක් ලබා දී තිබෙනවා.




