හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දේශණයක් පැවැත්වීම සඳහා සහභාගී වී තිබෙනවා.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වුණා.
හිටපු ජනාධිපතිවරයාද උසස් අධ්‍යාපන ආයතනයේ නිලධාරීහුද ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයට සහභාගි වී සිටි අවස්ථාව ඡායාරූප ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණා.
මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.




