ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සමත් වුණා.
සෞදි අරාබියේ ජෙඩා නුවරදී ඊයේ (25) පැවැති අයි.පී.එල් වෙන්දේසියේදී වෛභව් සූර්යවංශිව ඉන්දීය රුපියල් කෝටි 1.1 කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
අවුරුදු 13 දින 243 ක් වයසැති වෛභව් සූර්යවංශි මිලදී ගැනීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායාම සහ රාජස්ථාන් රෝයල්ස් ලංසු යුද්ධයකට එළැඹි අතර අවසානයේදී ඉන්දීය රුපියල් කෝටි 1.1 ක මුදලකට සූර්යවංශි අලෙවි වුණා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වූ ළාබාලතම ක්‍රීඩකයා වන්නේද වෛභව් සූර්යවංශිය.
සයෙඩ් මුෂ්ටාක් අලී කුසලානයේදී සිය පළමු පෙළ මංගල එක්දින ක්‍රීඩා තරඟය ක්‍රීඩා කරමින් පළමුදා (23) වෛභව් සූර්යවංශි ක්‍රිකට් පිටියට අවතීරණ වුණා. එහිදී ඔහු බිහාර් කණ්ඩායමේ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කල ඔහු පළමු පෙළ මංගල එක්දින තරඟය ක්‍රීඩා කර දින දෙකකට පසු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව ලැබීමත් සමග සියලු දෙනාගේම අවධානය අවධානය වෛභව් සූර්යවංශි වෙත යොමු වී තිබෙනවා.




