නයිජීරියාවේ මධ්‍යම ප්‍රාන්තයේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 22 දෙනෙකු මිය ගොස් 130 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, ජෝස් ප්‍රාන්තයේ ශාන්ත ඇකඩමි පාසලට මෙලෙස ගොඩනැගිල්ලක් වැටී ඇත්තේ.
එම පාසලේ සිසුන් 1,000කට අධික පිරිසක් සිටින බව විශ්වාස කෙරෙන අතර, ඒ අනුව සිසුන් සුන්බුන් අතර සිර වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ දින තුනක ධාරානිපාත වර්ෂාවක් ප්‍රදේශය වෙත ඇද හැලුණු බවයි.
Comments




