spot_img
spot_img

ජනපති ඡන්ද දිනය හෙට රෑට

ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.

එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට ඊයේ දැනුම් දී තිබෙනවා.

මේ අනුව ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවා.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම නිවේදනය දැනටමත් සකස් කර අවසන් බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද (25) පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කරන බව කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන ඇඟිලි සලකුණු කිරීමේ තීන්ත, ලිපි ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අරඹා ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...