spot_img
spot_img

ඡන්දෙට බාධා උත්සව 30ක් නවත්වයි

නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවා.

කොමිසමට ලැබුණු පැමිණිලි අනුව, දේශපාලන මැදිහත්වීමෙන් ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදාදීම් සහ පත්වීම් ලබාදීම් ඇතුළු වැඩසටහන් කිහිපයක් මෙසේ නතර කෙරුණු බවද ඔහු සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පැවතීම සහ ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්නවීම යන කරුණු සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව මෙම පියවර ගෙන තිබෙනවා.

නිදහස් මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල දැඩි විමසිල්ලෙන් පසුවන බව පැවසූ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මකවීමට නිලධාරී කණ්ඩායම් සූදානමින් තබන බවද ප්‍රකාශ කළා.

මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැන් දැන් පැමිණිලි ගලා එමින් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අතර ඡන්ද අල්ලස් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද මේ දිනවල විමසිල්ලෙන් පසුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...