Sunday, May 10, 2026
spot_img
spot_img

මෙරට 49වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රීති පද්මන් සූරසේන මහතා පත්වෙයි

අද (23) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව රැස් වූ අවස්ථාවේදී නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේනගේ නම ඒකමතිකව සම්මත වී ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අගවිනිසුරු ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ නම නිර්දේශ කරමින්, එම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඊයේ යොමු කරනු ලැබුවා.

ප්‍රීති පද්මන් සූරසේන 1985 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් අතර, එම වසරේම ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වී තිබේ.

1989 දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසුව ඔහු නීතිපති දෙපාර්තමේන්තුවට රාජ්‍ය නීතිඥවරයෙකු ලෙස එක්ව තිබේ.

2007 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහු ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කළ අතර 2016 දී අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් වූ ඔහු, 2018 ජනවාරි 15 සිට 2019 ජනවාරි 9 දක්වා අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

2019 ජනවාරි 9 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කරනු කරනු ලැබුවා.

දූෂණ, වංචා, බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ (PRECIFAC) සභාපතිවරයා ලෙස ද සේවය කර ඇති ප්‍රීති පද්මන් සූරසේන 2025 ජනවාරි මාසයේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඔහු අධිකරණ සේවා කොමිෂන් සභාවේ (JSC) සාමාජිකයෙකු ලෙස පත් කරනු ලැබුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...