Sunday, May 10, 2026
spot_img
spot_img

ඉන්දීයාව පුරා චිකුන්ගුන්යා වසංගත තත්ත්වයක්

මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගය ඉන්දීය සාගර කලාපය කේන්ද්‍ර කොටගෙන වසංගතයක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

එම සංවිධානය තවදුරටත් කරුණු දක්වනු ලබන්නේ මේ වනවිට චිකුන්ගුන්යා රෝගය යුරෝපය ඇතුළු වෙනත් කලාප වෙත ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

වෛරසය පැතිරීමේ අවදානම පවතින රටවල් 119ක බිලියන 5.6ක පමණ ජනගහණයක් වාසය කරන බවට ඇස්තමේන්තු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරීනි ඩියානා රොහාස් අල්වාරෙස් ජිනීවා නුවරදී ඊයේ ප්‍රකාශ කර ඇත්තේ චිකුන්ගුන්යා නැවත පැතිරීම ඉතිහාසයේ නවමු සිදුවීමක් ලෙස හැඳින්විය හැකි බවයි.

මීට පෙර 2004 – 2005 කාල වකවානුවේදී චිකුන්ගුන්යා රෝගය ලොව පුරා වසංගතයක් ලෙසින් පැතිර යාමක් දක්නට ලැබුණි.

එහිදී රෝගය වැළඳුණු සංඛ්‍යාව 500,000ක් පමණය.

එම කාල වකවානුවේදීත් වැඩි වශයෙන් චිකුන්ගුන්යා රෝගයට ගොදුරු වුයේ දූපත්වාසී ජනතාවයි.

වර්තමාන චිකුන්ගුන්යා රැල්ල ආරම්භ වුයේ මෙම වර්ෂයේ මුල් කාල සීමාවෙි දී ය.

ලා-රීයුනියන්, මයොට් සහ මොරිෂන් ආදී ඉන්දීය සාගරයේ කුඩා දිවයින් රාජ්‍යවල මුලින්ම රෝග ව්‍යාප්තිය දක්නට ලැබී ඇත.

ලා – රීයුනියන් නැමැති කුඩා දිවයිනේ ජනගහණයෙන් තුනෙන් එකකට මේ වනවිට චිකුන්ගුන්යා රෝගය වැළඳී ඇති බවයි වාර්තා වේ.

එම වෛරසය දැන් මැඩගස්කරය, සෝමාලියාව සහ කෙන්යාවට ද පැතිරෙමින් පවතින බවත් වෛද්‍ය ඩියානා රොහාස් වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාව ඇතුළුව දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයට ද චිකුන්ගුන්යා රෝගය පැතිරෙමින් පවතින බව ඇය කියා සිටියාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරන ලද්දේ පිටතින් පැමිණෙන වෛරස් වාහකයන්ට අමතරව යුරෝපය තුළම රෝගය ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම පසුගිය මැයි 1 වැනිදා සිට ප්‍රංශයට පිටතින් ප්‍රචාරණය වූ චිකුන්ගුන්යා රෝගීන් සංඛ්‍යාව 800ක් පමණ වන බව ද ඇය සඳහන් කල තොරතුරු අතර ඇතුළත් වේ.

ඒඩීස් මදුරු විශේෂ හරහා බෝවන චිකුන්ගුන්යා රෝගය තද උණ, සන්ධි වේදනාව සහ දිගුකල් පවතින දුබලතා යන රෝග ලක්ෂණ සහිත රෝගයකි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...