ජාතික ජනබලවේගයේ නායක ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට රටේ ජනාධිපති වීමට නම් සෑම දිස්ත්‍රික්කයකින්ම තුන් ලක්ෂ 18,000ක ඡන්ද ප්‍රතිපලයක් ගත යුතු බවත් එලෙස ඡන්ද ප්‍රතිපලයක් ලබා ගැනීමට ඔහුට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (25) හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා :
“අනුර රටේ ජනාධිපති වෙන්න නම් හැම දිස්ත්‍රික්කයෙන්ම තුන් ලක්ෂ 18,000ක් ගන්න ඕනේ. මේක කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. අපිට තියෙන්නේ එක් ලක්ෂ 12,000 ඉඳලා එක් ලක්ෂ 47,000 ට 30,000 කින් ඡන්ද එකතු කරන්න. ඒක කරන්න අපිට පුළුවන්. රනිල් වික්‍රමසිංහ දැන් හැමදාම මොකක් හරි පිස්සුවක් කෙලිනවා. දැන් ගිය සතියේ ඉඳලා අන්දලා තියෙනවා,එහෙටත් නැති මෙහෙටත් නැති එකක්. එක්කෝ national එක ඇඳපන් එක්කෝ ෂර්ට් එක අඳින්න. විහිළුකාරයෙක් වෙලා පව්. ‘පුළුවන් ශ්‍රී ලංකා” ශ්‍රී ලංකාවට පුළුවන් හැබැයි රනිල් වික්‍රමසිංහට බැහැ. රනිල් වික්‍රමසිංහ කහ වතුරෙන් නාලා ආවත් ගමේ මිනිස්සු රනිල් වික්‍රමසිංහට චන්දෙ දෙන්නෙ නැහැ.




