ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ජනතාවට විවිධ පොරොන්දු ලබා දෙමින් සිටින බවත් නමුත් ලබා දී තිබෙන පොරොන්දු තවම ඉටු කර නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
පොරොන්දු ලබා දීමට පෙර ගොවි ජනයාට පොහොර සහනාධාරයට රුපියල් 15,000ක මුදල් ලබා දී සිටින ලෙසත් ඔහු එහිදී පෙන්වා දුන්නා.
නලීන් බණ්ඩාර මහතා පවසන්නේ,කෘෂිකාර්මික උපකරණ මත පනවා තිබෙන බදු සහනයද සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ ලබා දීමට පොරොන්දු වන බවයි.
ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (25) හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා :
“දැන් මේ දවස් වල රනිල් වික්‍රමසිංහ මහත්තයා පොරොන්දු මල්ලක් දෙනවා. අරක දෙන්නම් මේක දෙන්නම් කියනවා. අරක දෙන්න මේක දෙන්න කලින්, ගොවියගේ පොහොර සහනාධාරෙට රුපියල් 15,000 දීලා ඉන්න. ලැබුණද පොහොර සහනාධාරේ? තාම ලැබිලා නෑ. රනිල් වික්‍රමසිංහල බද්ධ නිසා අද උදළුතලයක් ගන්න ගොවියට රුපියල් හාරදාහක් පන්දාහක් වියදම් කරන්න වෙලා තියෙනවා .ඒ නිසා කෘෂිකාර්මික උපකරණ මත පනවා තියෙන බදු සහනය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රජයක් යටතේ අපි ලබා දෙනවා කියන පොරොන්දුව අපි දෙනවා”




