spot_img
spot_img

රටේ දේශපාලන කුමන්ත්‍රණ ඉහළ ගිහින් – සජිත්

මේ වනවිට රට තුළ දේශපාලන කුමන්ත්‍රණ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කුරුණෑගල මාවතගම පරගහදෙණිය ජාතික පාසලට සක්වල සුහුරු පන්තිකාමරයක් ලබාදීමේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තවදුරටත් සඳහන් කළේ, ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වී ඔවුන්ගේ ආත්මය පාවා දෙන දේශපාලන සංස්කෘතියක් මේ වන විට නිර්මාණය වී ඇති බවයි.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“වායු සමීකරණය කරපු නිදියහන්වල සැතපී සිටින අධිසුඛෝපභෝගී ජීවිත ගත කරන මේ රටේ එක්තරා කල්ලියක් ඉන්නවා. ඒ කල්ලිය කැමති නෑ මේ රටේ සාමන්‍ය පවුල්වල දූ දරුවන් ඉහළ මට්ටමකට එනවට. ජනතාවගේ ඡන්දයෙන් මැති සබයට ඇවිල්ලා ඔවුන්ගේ ආත්මය පාවා දෙන දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙලා තියෙන්නෙ. කල්ලි දේශපාලඥයෝ ඩීල් දේශපාලඥයෝ ටික ටික මතුවෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...