Thursday, June 4, 2026
spot_img
spot_img

අභියෝගවලට බය වෙන්න එපා – ජනපති

අනාගත පරපුර වෙනුවෙන් තමා ලබාදෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර සිටියේ මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුවේදී, තරුණියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

මඩකලපුව දිස්ත්‍රික් තරුණ නියෝජිතයින්ගේ මෙම හමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී ඊයේ (22) පැවැත්වුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විශාල පිරිසක් එම හමුවට එක්ව සිටි අතර ඔවුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට ද ජනාධිපතිවරයා කටයුතු කළා.
මෙහිදී යොමු කළ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු ලබා දුන්නා.

“අනෙක් සියලුදෙනා අභියෝගවලට බියේ පැන යන විට මම එම වගකීම භාරගත්තා. තමන් තුළ විශ්වාසයක් තිබේනම් අභියෝගවලට බිය විය යුතු නැහැ. ධාවන සපත්තු පළඳින්නේ දිවීමට මිස ප්‍රශ්නවලට බියේ පැන දුවන්න නොවෙයි. මෙම අභියෝගයෙන් රට මුදවා ගැනීමට මට හැකි බව මා විශ්වාස කළා. මම රට භාරගත්තේ නැත්නම් අද රටේ තත්ත්වය කුමක්ද කියා අහන්න කැමතියි. එසේ නම් අපට මේ ආකාරයෙන් වාඩි වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රට පුරා ජනතාවට පොසොන් පොහොයට අනුරාධපුරේ යාමට අවස්ථාව ලැබෙන්නේ ද නැහැ. ඔබ අභියෝගවලට බියවන්න එපා. ඒ වගේම බොරු කියන්න එපා. රාජකීය විද්‍යාලය වගේම ඉදිරියේ දී තවත් බොහෝ පාසල්වලට එවැනිම පහසුකම් ලැබේවි. ආණ්ඩුවට පුලුවන් අධ්‍යාපනය ලබා දෙන්න. නමුත් පිටකොන්ද ලබා දෙන්න බැහැ. එය තිබිය යුත්තේ තමන් තුළමයි.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...