spot_img
spot_img

රාජකාරියට බාධා කළ පොලිස් සැරයන් අත්අඩංගුවට

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරිලෙස හැසිරි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියෙකි.

මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු බීමත්ව කලාකාරී ලෙස හැසිරෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් අනුව මහරගම පොලිස් ස්ථානයේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගැනීමට කටයුතු කර තිබූ අතර එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ආවේගශීලීව හැසිරී තිබූ බව පොලිසිය කියයි.

පසුව සැකකරු පොලිසියට රැගෙන වී සිදු කළ විමර්ශනවලදී ඔහු හිනිදුම පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන් බවට අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...