spot_img
spot_img

නමගිය අපරාධකරුවන්ගේ සිරමැදිරි අසලින් සොයාගත් දුරකථන

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ගනේමුල්ල සංජීව හා වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ අංක 44, 38 හා 37 සිරමැදිරි හදිසි සෝදීසි කිරිමක් සිදුකර තිබෙනවා.

එහි දී සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී ස්මාර්ට් ජංගම දුරකථනක්, G.W. සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී සුදුපැහැති හෑන්ඩ් ෆ්‍රී 01ක් සහ අනෙක් සිරමැදිරිය පිටුපස සඟවා තිබූ Type C කේබල් 01 ක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමටයි කටයුතු කර ඇත්තේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...