spot_img
spot_img

කෙහෙළිය තාවකාලිකව දේශපාලනයෙන් සමු අරන්

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර තිබෙනවා.

සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී අද (13) පැවැති රැස්වීමකදී ඔහු මේ බව අනාවරණය කළා.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බවයි. තාවකාලිකව දේශපාලයෙන් සමුගැනීම නිවේදනය කළත්, මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින බවයි.

ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හරි හම්බකරගත් මුදල්වල වටිනාකමට වඩා දේශපාලනයේ නිරතවීමෙන් ලද ජනතා ආදරය වටින බවද ඔහු අවධාරණය කළා.

එමෙන්ම තමන්ට අධිකරණය වෙතින් සාධාරණය ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත්, නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නැවත දේශපාලනයට පිවිසීම තම බලාපොරොත්තුව බවද ඔහු පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“මීට අවුරුදු 31කට පමණ පෙර අහම්බෙන් මම දේශපාලඥයෙක් වුණේ. මගේ සීයා හිටියා බණ්ඩාරනායක මහත්තයාගේ සෙනෙට් එකේ. මට කෙහෙළිය කියලා නම තිබ්බේ බණ්ඩාරනායක මහත්තයා. මට ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන්නට මට කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ. මම හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක්”.

“දේශපාලනය කළත් නැතත් උදව්කරන්න අවස්ථාවක් ලැබෙන ඕනෑම වෙලාවක කිසිම පසුබෑමක් නැතුව මට කථා කරන්න, මම ඉන්නවා. ඒක හිස් වචනයෙන් කියන දෙයක් නෙමෙයි හදවතින් කියන්නේ”.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...