spot_img
spot_img

රියදුරෙකු අත්අඩංගුවට ගෙන වධ හිංසා කළැයි සුරාබදු නිලධාරීන් පිරිසකට පෙත්සමක්

කුරුණෑගල, කහපත්වෙල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි රියදුරකු නීති විරෝධීව අත්අඩංගුවට ගෙන වධහිංසා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීන් පිරිසකට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) තීන්දු කර තිබෙනවා.

සුරාබදු නිලධාරීන් වන ඩබ්ලිව් ඒ ආර් රත්නසේකර, බී ජී ජී අනිල් කුමාර නඩුවේ පළමු සහ දෙවැනි වගන්තරකරුවන්ට එරෙහිව කෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීමෙන් මිදීමේ අයිතිවාසිකම කඩ කිරීම සම්බන්ධයෙනුත්, කුරුණෑගල සහකාර සුරාබදු කොමසරිස්, සුරාබදු කොමසාරිස් ජනරාල් සහ නීතිපති යන හතර පහ සහ හය වැනි වගඋත්තරකරුවන්ට අත්තනෝමතික ලෙස සිර භාරයට ගැනීමෙන් මිදීමේ අයිතිවාසිම කඩ කිරීම සම්බන්ධයෙනුත් මෙම නඩුව පවත්වාගෙන යෑමට එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ (29) නඩුව කැඳවූ අවස්ථාවේදීය මෙම නියෝගය ලබා දී තිබුණා.

නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතාගේ උපදෙස් පිට නීතිඥ මාධව ඊරියගම සහ නීතිඥ මනුෂිකා කුරේ සමග නීතිඥ චාරක ධර්මසිරි මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිට පෙත්සම්කරු වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවා.

මේ අතර, මෙම නඩුවේ තුන්වැනි වගඋත්තරකාර සුරාබදු නිලධාරියා මේ වන විට මිය ගොස් ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

නීතිපති දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ වගඋත්තරකාර සුරාබදු නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න ගැන ඉදිරි නඩු දිනයේ දී දැනුම් දෙන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...