spot_img
spot_img

පාර්ලිමේන්තුව උණුසුම් – විනාඩි 10කට කල් තබයි

පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල්තැබීය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බවට ඊයේ (10) දිනයේ දී කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.

එයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ පවසා සිටියේ, අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසය.

කෙසේවෙතත් අද දිනයේ දී ද මෙම විශ්වාසභංග යෝජනාවට කථානායකවරයා පිළිනොගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිය විරෝධය පළ කර සිටියේය.

එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කර සිටියේ, විශ්වාසභංග යෝජනාව ගෙනඒමට නොහැකි යැයි පැවසීම පදනම් විරහිත ප්‍රකාශයක් බවය.

එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කර සිටියේ, විශ්වාසභංග යෝජනාව ගෙනඒමට නොහැකි යැයි පැවසීම පදනම් විරහිත ප්‍රකාශයක් බවය.

“එතුමන්ලාට 159ක බහුතරයක් තියෙනවා. අපි විශ්වාසභාංගය ජයග්‍රහණය කරා කියලා එතුමාගේ තනතුර අහෝසි වෙන්නේ නෑ. එතුමාගේ තනතුර අහෝසි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. ඒ නිසා මෙතෙන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමා දරපු තනතුරේ කරුණු කාරණා හෙළිදරව් වෙන නිසා තමුන්නාන්සේ දේශපාලන තීන්දුවක් අරන් තියෙනවා. මේක නොදී ඉන්න. එහෙම කරන්න එපා. ඒක වැරදියි.”

https://www.facebook.com/share/v/1E5hiJJj7i/

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...