Friday, June 5, 2026
spot_img
spot_img

රනිල් ලගට ගිය බෙල්ලන

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (03) පැවැත්වුණා.

මෙහිදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාටද සංවිධායක ධුරයක් හිමිව තිබෙනවා.

ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ සංවිධායක ලෙස පත් කර තිබෙන බවට වාර්තා වනවා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් සුළු සේවකයන් ඉලක්ක කරගෙන විටින් විට ප්‍රකාශ නිකුත්කළ අයෙකු වන අතර පසුගිය පෙබරවාරි මස ඔහු කළ ප්‍රකාෂයකට විරෝධය පළ කරමින් සුළු සේවකයෝ ඔහුව කාර්යාල අඩස්සියේ පැය 07කට ආසන්න කාලයක් රඳවා තබාගැනීමටද කටයුතු කරනු ලැබුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...