Monday, February 23, 2026
spot_img
spot_img

අඟහරු වෙත යන අපේ විද්‍යාඥවරිය

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නව පර්යේෂණ කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම පරීක්ෂණ කාර්ය මණ්ඩලයට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් වන පියුමි විජේසේකර තෝරා ගෙන තිබීම විශේෂත්වයක්

නාසා ආයතනය මගින් හූස්ටන් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළව මෙම මෙහෙයුම් සිදු කෙරෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙහෙයුමට සහභාගී වීමට ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් නව කාර්ය මණ්ඩලයක් තෝරාගෙන ඇති බවයි.

මෙහෙයුමට අදාළ විද්‍යාඥයන් අතර අනෙකුත් පිරිස වන්නේ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති යන අයයි.

පියුමි විජේසේකර කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ගෙන තිබෙනවා

මේ වනවිට NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකවරියක්.

මෙම විද්‍යාඥයන් සිව් දෙනා, මැයි 10 වනදා අඟහරු ග්‍රහයා තුළට ඇතුළු වීමට නියමිත අතර ඔවුන් දින හතලිස් පහක් එහි ගත කිරීමට නියමිත බව වාර්තා වනවා

Comments
spot_imgspot_img

Popular

More like this
Related

AI රාජ්‍ය නායක සැසිය අමතමින් ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය

කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්‍රිම...

ශ්‍රී ලංකාවේ දැනට විශාලතම බලශක්ති ව්‍යාපෘතිය මෙන්න

ශ්‍රි ලංකාවේ මෙතෙක් ඉදිවන විශාලතම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හම්බන්තොට...

අත්අඩංගුවට ගත් නතාෂා ගැන ස්ථානාධිපති කණගාටු වෙයි

ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්.!

ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ප්‍රමාණවත්...