spot_img
spot_img

තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ ඔහු විසින්ම සකසා ගත් සොහොන් භූමියේදීයි.

විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ දේහය මතුගම – යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටිනවා.

2002 වසරේ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා ඉන් අනතුරුව බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසද පත් විය.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස හා වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද ක්‍රියා කළා.

දේශපාලන නියෝජිතයන් රැසක් ද ඊයේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ඇතුලු පිරිසක් පැමිණ සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...