තිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.
වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කළ බව පොලීසිය සඳහන් කළා.
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා පසුගිය සමයේ ආන්දෝලනාත්මක නඩු කිහිපයක් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කලා.
අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතාගේ ජීවිතයට සිදුවිය හැකි යම් කිසි තර්ජනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බව වාර්තා වනවා.
මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෙට (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය පසුගිය (22) වනදා නියෝග කළා.




