spot_img
spot_img

ඩෙංගු අවදානම රතු එළියක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 82,838ක් – සෞඛ්‍ය අංශයෙන් ජනතාවට විශේෂ අවවාදයක් මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, ඊයේ (27) දිනය වන විට වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 82,838ක් වන අතර, රෝගය තවදුරටත් රටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

විශේෂයෙන් බස්නාහිර පළාත ඇතුළු නාගරික ප්‍රදේශවලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර, පවතින වැසි සහිත කාලගුණය මදුරු බෝවීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කර ඇති බව නිලධාරීහු පෙන්වා දෙති.

එම හේතුවෙන් ඉදිරි සති කිහිපය තුළද රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම නිවාස, පාසල්, රාජ්‍ය ආයතන සහ සේවා ස්ථාන අවට ජලය එක්රැස් විය හැකි ස්ථාන නිතිපතා පරීක්ෂා කර පිරිසිදු කරන ලෙසයි.

මදුරු කීටයන් බෝ විය හැකි බඳුන්, ටයර්, පොල්කටු, වතුර ටැංකි සහ අනෙකුත් භාජන නිසි ලෙස පිරිසිදු කිරීම මගින් ඩෙංගු ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස අවම කළ හැකි බවද එම ඒකකය පෙන්වා දෙයි.

එමෙන්ම, උණ, දැඩි හිසරදය, ඇස් පිටුපස වේදනාව, සන්ධි හා මාංශ පේශි වේදනාව, සම මත රතු ලප මතුවීම වැනි ඩෙංගු රෝග ලක්ෂණ පෙනී යන්නේ නම් ස්වයං ප්‍රතිකාරවලට යොමු නොවී වහාම ළඟම පිහිටි රෝහලකින් හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගන්නා ලෙසද සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙයි.

ඩෙංගු මර්දනය සඳහා රජයේ වැඩසටහන්වලට සමගාමීව ජනතාවගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන සෞඛ්‍ය බලධාරීන්, සෑම සතියකම අවම වශයෙන් මිනිත්තු 30ක් පරිසර පිරිසිදු කිරීම සඳහා වෙන් කිරීම මගින් ඩෙංගු මදුරුවන්ගේ බෝවීම සැලකිය යුතු ලෙස පාලනය කළ හැකි බව අවධාරණය කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...