වේග පන්දු ක්‍රීඩක නුවන් තුෂාර ද ඉන්දියාවට එරෙහි T20 තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
ඒ ඔහු ඊයේ (24) දින ආබායකට ලක් වීම හේතුවෙන්.
ඊයේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පන්දු රැකීමේ පුහුණු සැසියකට එක් වූ අවස්ථාවේ දී පන්දුවක් තුෂාරගේ ඇඟිල්ලක වැදී එම ඇඟිල්ල බිඳී ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් ඔහුට තරග 03කින් යුත් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාවට එරෙහිව එළඹෙන 27 වැනි දා ක්‍රීඩා කිරීමට නොහැකි වනවා.
ඊයේ දිනයේ දී වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද ආබාධයකට ලක් වීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කෙරුණා.
ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවනු ලැබුවේ අසිත ප්‍රනාන්දු යි.
නුවන් තුෂාරගේ හිස්තැන පිරවීමට ඩිල්ෂාන් මධුශංක එක් වනු ඇති බවත් වාර්තා වනවා.
විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත මෙම ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
ඉන්පසුව කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.




