spot_img
spot_img

තාවකාලික රියදුරු බලපත්‍ර හිමියන්ට දැනුම්දීමක්

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති සියළු දෙනාට සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මස වන විට ස්ථීර රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරින් ජනරාල් අනුරුද්ධ වීරසිංහ මහතා පවසනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ 2020 වසරේ ඇති වූ ආර්ථික ගැටලුවත් සමග රියදුරු බලපත් කාඩ්පත් මුද්‍රණයට අවශ්‍ය කාඩ් ගෙන්වීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවු බවත් මෙම ප්‍රශ්ණය හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණය නිකුත් කිරීමට නියමිතව තිබුනද ඔවුන් සඳහා තාවකාලික මුද්‍රිත රියදුරු බලපත්‍ර ලබා දීමට සිදුවූ බවයි.

මේ වනවිට අවශ්‍ය කාඩ් ආනයනය කර ඇති බවත් සාමාන්‍යයෙන් අලුතින් රියදුරු බලපත්‍ර හා අලුත් කිරීම් සඳහා වසරකට රියදුරු බලපත් ලක්ෂ 9ක් 10ක් මුද්‍රණය කළ යුතු බවත් මේ ප්‍රමාණයට නිකුත් කිරීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර ප්‍රමාණය සමග මුද්‍රණ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදුවූ බවත් ඔහු පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...