spot_img
spot_img

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

2023 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ මහතා පවසන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අවසන් අදියරයේ පසුවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමිත් ජයසුන්දර මහතා :

“සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අවසන් අදියරයේ තිබෙන්නේ. ඒ විභාගයේ ප්‍රතිඵල මේ මාසය තුළ ලබාදෙන්න කොහොමත් සූදානමින් ඉන්නේ. මගේ අවශ්‍යතාවය තියෙන්නේ ඉතාම කඩිනමින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහායි. මේ අවස්ථාවේදී විවිධ පරීක්ෂා කිරීම් සහ අවසන් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතුවල නිරත වෙලා ඉන්නේ. මම හිතනවා තව දින කිහිපයක්… තව සති දෙකක වගේ කාලයක් තුළ අපිට ප්‍රතිඵලවලට යන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම සැත්තැම්බර් මාසය තුළ මේ ප්‍රතිඵල ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...