spot_img
spot_img

ආනයනය බදු සංශෝධනය කෙරේ

භාණ්ඩ ආනයනය කිරීමේ දී අය කරනු ලබන ආනයන බදු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

තීරු බද්ද, සෙස් බද්ද, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සහ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු සහ කාලීනව ඉදිරිපත් වී ඇති දේශීය කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ ඉල්ලීම මත පහත වෙනස්කම් සිදුවනු ලබනවා.

1.විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට යටත්ව පවතින ඇතැම් ආනයන භාණ්ඩ එම බද්දෙන් නිදහස් කර රේගු ආනයන බද්ද ඇතුළු සාමාන්‍ය ආනයන බදු ව්‍යුහයට ඇතුළත් කිරීම.

2. දුඹුරු සීනි ආනයනය සඳහා ආනයන රේගු බද්ද සංශෝධනය කිරීම.

3. දේශීය කර්මාන්ත බලගැන්වීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත රේගු සංකේතාංක 225ක් යටතට අයත් පාවහන්, ඇසුරුම්, විදුලි යන්ත්‍රෝපකරණ, ප්ලාස්ටික් සහ රබර් කර්මාන්තයට අයත් අමුද්‍රව්‍ය සහ අතරමැදි භාන්ඩ සම්බන්ධයෙන් ආනයන බදු සංශෝධනය කිරීම.

4. ළමා සහ වැඩිහිටි අපද්‍රව්‍ය අවශෝෂක (Diapers) සහ ඒ සඳහා වන අමුද්‍රව්‍ය මත වූ බදු අඩු කිරීම.

5. ශ්‍රී ලංකාව තුල ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා අදාළ වන පරිදි බදු සංශෝධනයන් හඳුන්වා දීම.

6. දේශීයව පාපැදි සහ උපාංග නිෂ්පාදන කර්මාන්තය, මුද්‍රණ හා මුද්‍රණ තීන්ත කර්මාන්තය, දේශීයව රෙදි සෝදන යන්ත්‍ර, ලයිටර් නිෂ්පාදන කර්මාන්ත සහ ළමා නිමි ඇඳුම් ආනයනය සම්බන්ධයෙන් පවතින ආනයන බදු විෂමතාවන් ඉවත් කිරීම.

7. තල් හා තල් නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය, විදුලියෙන් ක්‍රියා කරන සෙල්ලම් භාණ්ඩ හා දේශීය ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා තිප්පිලි වෙන්ව හඳුනා ගැනීමට නව ජාතික උප බෙදුම් රේගු සංකේතාංක හඳුන්වා දීම සහ දේශීය ඖෂධ නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ආනයනයේ දී සෙස් බදු නිදහස් කිරීම සඳහා පවත්නා ක්‍රමවේදය සරල කිරීම.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...