spot_img
spot_img

ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට කිසිදු සැලැස්මක් නැහැ – මුදල් අමාත්‍යාංශය

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට කිසිදු සැලැස්මක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල් ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සහ සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
එසේ කිරීමට නව රජයේ ප්‍රතිපත්තිය හා අනුකූල නොවන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

සැප්තැම්බර් මස 27 වැනි දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් කරුණු පදනම් කරගනිමින් ජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්ති නිර්මාණය කර ඒවා ප්‍රචාරය කිරීම විවිධ පාර්ශ්වයන් උත්සහ දරමින් සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ද අමාත්‍යාංශය පෙන්වා දෙනු ලබයි.

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් යන නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පෝෂණයෙන් පිරුණු ළමා පරපුරක් ව්‍යාපෘතිය යටතේ පෝෂදායි ආහාර, අවශ්‍යතා ඇති පවුල් සඳහා ලබාදීම රජයේ ප්‍රමුඛතාවකි.

රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසායන් වැඩිදියුණු කිරීම රජයේ ප්‍රතිපත්ති රාමුව තුළ පැහැදිලිව ඇතුළත් කර තිබෙන බව ද එම නිවේදනයෙන් දැක්වේ.

ඒ අනුව, දරුවන් හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායිතාවයකින් යුතුව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව එම නිවේදනයෙන් අමාත්‍යාංශය පෙන්වා දෙනු ලබයි.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගනු ලබන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...