සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි යළි භාරදීමට අදාළ උපදෙස් මග හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව, ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ගිනි අවි භාරදීම සම්බන්ධයෙන් අභියාචනා නොකළ සහ නියමිත දිනට භාර නොදෙන අවි, නීතිවිරෝධී ගිනි අවි සේ සළකා කටයුතු කරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.
මෙතෙක් නිකුත් කර ඇති ගිනි අවි සහ ඒවායේ හිමිකරුවන් සම්බන්ධයෙන් සියලු තොරතුරු අමාත්‍යාංශය සතු බව ද, එම නිලධාරියා පෙන්වා දෙයි.
නිකුත් කර ඇති උපදෙස්වලට අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසයි.
සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනි අවි බාර දීමට දී තිබූ කාලය, ලබන 21 වැනිදායින් අවසන් වේ.




