spot_img
spot_img

ගෝඨාභයගේ නිවස අසල උද්ඝෝෂණය ගැන බුද්ධි තොරතුරු ලැබී නෑ

2022 වසරේ අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති උද්ඝෝෂණ හා කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ඊට පෙර බුද්ධි තොරතුරු ලැබී නොතිබූ බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

එම උද්ඝෝෂණවලදී තමන්ම අත්අඩංගුවට ගැනීමට එරෙහිව අරගලකරුවන් පිරිසක් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (18)විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා මේ බව පැවසූ බව සඳහන්.

මෙම පෙත්සම් ඊයේ විජිත් මලල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගෙන තිබෙනවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මුලින්ම අදාළ උද්ඝෝෂණය ආරම්භ වූ ආකාරය විස්තර කර තිබෙනවා.

එම අවස්ථාවේදී රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම උද්ඝෝෂණය ඇරඹීමට පෙර ඊට අදාළව බුද්ධි අංශවලට තොරතුරු ලැබූ තිබුණේ දැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥවරයා කියා සිටියේ, එවැනි බුද්ධි තොරතුරක් ආරක්ෂක අංශ වෙත ලැබී නොතිබූ බවයි.

අනතුරුව රජයේ නීතිඥවරයා විසින් මෙම උද්ඝෝෂණයට අදාළ වීඩියෝ පට විවෘත අධිකරණයේ ප්‍රදර්ශනය කරමින් කරුණු ඉදිරිපත් කළා.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය කල් තැබුණා.

2022 වසරේ මාර්තු මස 31 වනදා මිරිහානේ පිහිටි එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අවට පැවැති උද්ඝෝෂණවලදී තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් පොලීසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...