spot_img
spot_img

ජනගහනයෙන් සියයට 20.3කට පානීය ජලය නෑ

මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 20.3%කට මූලික පානීය ජල පහසුකම් නොමැති බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 16.1%කගේ ප්‍රධාන පානීය ජල මූලාශ්‍රය වී ඇත්තේ අනාරක්ෂිත ළිං බව පැවසෙනවා.

මෙරට ජනතාව භාවිත කරන පානීය ජලය සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකට අනුව ආසන්න වශයෙන් ගෘහස්ත ජනගහනයෙන් තුනෙන් එකකට සිය පරිශ්‍ර තුළ ආරක්ෂිතව පානීය ජල සේවාවක් ලබාගත හැකි බව අනාවරණය වී තිබෙනවා.

නාගරික ප්‍රදේශවල ජනගහනයෙන් තුනෙන් දෙකක් සහ ග්‍රාමීය ජනගහනයෙන් හතරෙන් එකක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන අතර වතු ජනගහණයෙන් 3.1%ක් පමණක් ආරක්ෂිත පානීය ජලය භාවිත කරන බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී තිබුණා.

එමෙන්ම මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකගේ පරිශ්‍රවල වැඩිදියුණු කළ මූලාශ්‍ර යොදා ගනිමින් පානීය ජලය භාවිත කරන බවට වාර්තා වනවා.

මේ අතර මෙරට ජනගහනයෙන් 6.3%ක් මූලික සනීපාරක්ෂක සේවා භාවිත නොකරන අතර ගෘහස්ථ ජනගහනයෙන් 0.1%ක් පමණ එළිමහනේ මළපහ කරන බවට ද අදාළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

මෙරට ගෘහස්ථ ජනගහනයෙන් 84.9%ක් ජල මුද්‍රා පහසුකම සහිත වැසිකිළි භාවිත කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වු බව පැවසෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...