ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයක් පමණක් නොව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මහනුවර දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර අද (17) නාමල් රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :
“දැන් සන්ධානගත වන පක්ෂ ගත්තාම මේ ඡන්දෙන් පස්සේ ඒ නායකයාගෙන් පස්සේ ඒ පක්ෂ ඉවරයි. මේක තමයි ඇත්ත කතාව. 40ක් එක්ක ගිවිසුම් ගත වුණාම මේ ඡන්දෙන් පස්සේ ඒ 40 ඉන්නේ හතලිස් පොළක. පැරණි ජනතා විමුක්ති පෙරමුණ අලුත් NPP එකත් එක්ක එකතු වුණාම ඡන්දෙන් පස්සේ ඒ දෙගොල්ලෝ දෙපැත්තක. හැබැයි පොදුජන පෙරමුණ එළඹෙන ඕනෑම මැතිවරණයක් ජයගන්න සූදානම්. මහින්ද චින්තනයත් එක්ක.”




