spot_img
spot_img

රනිල් සමග ඇති අර්බුදය නාමල් කියයි

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමේ දායාදය පොදුජන පෙරමුණ දෙකඩවීම බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පක්ෂ කාර්යාලයේ අද (25) දිනයේත් පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

“රනිල් වික්‍රමසිංහ මහතාට අපි පූර්ණ සහයෝගය දුන්නා. අපිට නොගැලපෙන දේවල් කළත් අද වෙනකම් අපි වචයකින්වත් මුකුත් කළේ නැහැ. හැබැයි ඉතින් පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක. ඉතින් ඉදිරියේදී අපි දේශපාලන තීන්දුවක් ගමු. හැබැයි අපි අවංකව රනිල් මහත්තයාට උදව් කළා. එතුමා එහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි. පුරුද්දට. එතුමාව ගේනකොටත් අපි ඒක දන්නවා. එජාපය කැඩුවා, ශ්‍රීලනිපය, යහපාලන ආණ්ඩුව, ජවිපෙ කැඩුවා, LTTE එකත් කැඩුවා.”

“රනිල් වික්‍රමසිංහ මහතා එක්ක අපි අදටත් සාකච්ඡා කරනවා. ගැලපෙන තැනකට ආවොත් ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න සූදානම්.”

“ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව නිවේදනය කළ හැමෝත් එක්කම අපි සාකච්ඡා කරනවා. ඉන් පස්සේ අවසන් තීන්දුවක් ගන්නවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...